නවගත්තේගම මුල්ලේගම ගමමැද මාර්ගයේ නිවසක පදිංචි සිටි පාසල් සිසුවියක් ( 3) දහවල් නිවස ආසන්නයේ ගල් තලාවක දැඩි ලෙස පිලිස්සුම් තුවාල ලබා සිටියදි සොයා ගෙන පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරිමේන් පසු මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.

අදාළ සිසුවියගේ මරණය අභිරහසක් බව ඥාතින් පවසන අතර මෙසේ මරණයට පත්ව ඇත්තේ නවගත්තේගම විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කේ උදයංගනි සෙව්වන්දි නැමති 15 හැවිරිදි දැරියක් බව කියයි. සිසුවියගේ මරණය සම්බන්ධව පොලිස් සොකෝ කණ්ඩායම් හා තවත් පොලිස් කණ්ඩායම් කිපයක් අභිරහස් මරණය ට හේතු වු කරුණු සම්බන්ධව විමර්ශණ ආරම්භ කර තිබේ.

අදාළ සිසුවිගේ මව මැද පෙරදිග ගෘහ සේවිකාවක් ලෙස රුකියාවට ගොස් ඇති අතර මරණයට පත්ව ඇති සිසුවිය සහ ඇගේ 12 හැවිරිදි නැගණිය සිය පියාගේ රැකවර්ණය යටතේ සිටි බවද කියයි.


කෙසේ නමුත් 3 දින පියා ගම්මානයේ මරණාධාර සමිතියේ තහඩු මඩුවේ කටයුත්තකට ගොස් ඇති අතර එහිදි මවට කථා කිරිමට ජංගම දුරකථනය දියණියට ලබා දි පිටව ගොස් ඇති බවත් එහිදි අභිරහස් ලෙස මරණයට පත් වු සිසුවියට පැමිණි දුරකථන ඇමතුමකින් පසුව දැරිය කලබලයකට පත්ව සිටි බවත් එම දුරකථන ඇමතුමත් සමඟ සිය අක්කා නිවසින් එකවර අතුරුහන් වු බව මරණයට පත්වු සිසුවියගේ බාල සොහොයුරිය පොලිසියට ප්‍රකාශ ලබා දි තිබේ .

බාල සොහොයුරිය පොලීසියට පවසා ඇත්තේ ඉන් පසුව සිය සොහොයුරිය නිවස ආසන්නයේ ගල් තලාවේ සිට කෑ ගසමින් සිටි බවත් බාල සොහොයුරිය එම ස්ථානයට යන විට සොහොයුරිය ගේ සිරුර ගිනි ගනිමින් තිබු බවත් ඉන් පසුව සිය පියා සිටි සමිති ශාලාවට දිව ගිය බවත් පියා තහඩු මඩුව රුගෙන වෙනත් ස්ථානයකට යාමනිසා එම ස්ථානයේ සිටි පිරිසට දැන්නු බවයි .

ඉන් පසුව ප්‍රදේශ වාසින් වහාම සිසුවිය පිලිස්සි සිටි ස්ථානයට පැමින පුත්තලම මුලික රෝහලට ප්‍රථිකාර සදහා පිටත් කර යැවු බවද කියයි.

අබිරහස් ලෙස පිලිස්සි මරණයට පත්වු සිසුවියගේ සිරුර අසල භුමිතෙල් දැමු හිස් බෝතලයක් සහ ලයිටරයක් තිබි සොයා ගෙන ඇති අතර අදාල කරුණු රුසක් ඔස්සේ නවගත්තේගම පොලිසිය සහ පොලිස් සොකෝ කණඩායම් විමර්ශණ අරඹා තිබේ.