දැනට පවතින වැසි තත්වය සහ ඇතැම් ප්‍රදේශවලදී ශරීරයට දැනෙන අධික රශ්නය මේ මස 25 වැනි දින දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 අත්තර් අභිසාරි

කලාපය නිසා බොහෝ පළාත්වලට උදේ කාලයේදී වර්ෂාව ඇතිවන බවත්, උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී ශරීරයට අධික උණුසුමක් දැනෙන බවද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සඳහන් කළේය. උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී ශරීරයට අධික උණුසුමක් දැනෙන්නේ එම ප්‍රදේශවල පවතින වියළි සුළං නිසා බවත්, අනෙකුත් ප්‍රදේශවලදී උණුසුමක් දැනෙන්නේ වායුගෝලයේ පවතින ජල වාෂ්ප නිසා බවද ඒ මඟතා පවසා සිටියේය.

 වායුගෝලයේ ජල වාෂ්ප රැදි තිබුණත් සුළං ප්‍රවාහයේ අඩුවීමක් තිබෙන බැවින් ශරීරයයට උණුසුම් තත්වයක් දැනෙන බවද සදහන් කළේය. මේ මස 25 වැනි දින වන විට නිරිතදිග මෝසම් තත්වය ඇතිවේ යැයි බලාපොරොත්තු වන බවත්, ඉන්පසු පවතින වැසි තත්වය වෙනස් වී මෙම උණුසුම පහව යනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.