නපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල ට්විටර් ගිණුමේ ප්‍රකාශයකට උපහාසාත්මක පිළිතුරක් සපයන්නට ගිය බීබීසී සන්දේශය කොළඹ වාර්තාකරු මාධ්‍ය වේදී අසාම් අමීන් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
වෙත කැඳවන්නට සූදානමක් තිබී පසුව එය වෙනස් කර තිබෙන බව වාර්තාවේ.

ජනපතිවරයා සිය ට්විටර් ගිණුමේ ‘මගේ බල අධිකාරියෙන් විවිධාකාරයේ ප්‍රගතිශීලී නීතිමය වෙනස්කම් සිදු කරන්නටත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නට විවිධ ක්‍රියාවන් සිදුකරන්නටත් හැකිවිය‘ යනුවෙන් උදාන

වාක්‍යයක් පවසා තිබී ඇති අතර එයට පිළිතුරු ලෙස අසාම් අමීන් ‘ඔබ නම් අපූරු කතාකාරයෙක්. නමුත් මේ කියන දේවල් ඇත්තටම වෙලා තියනවද. මාධ්‍ය අංශය මේ ගැන උපදෙස් දෙන්න‘ ලෙස දන්වා ජනපති මාධ්‍ය අංශය ටැග් කර තිබුණි.

නමුත් පසුව ජනපති මාධ්‍ය අංශය දන්වා ඇත්තේ ජනපතිගේ මෙම ප්‍රකාශය කිසියම් අයෙකු ට්විටර් හැක්කර සිදු කර ඇති බවත් එය ඔවුන් පළ නොකළ එකක් බවත්ය.
ඒ ගැන පරික්ෂණයක් අරඹා තිබෙන බවද පසුව මාධ්‍ය අංශය දැනුම් දී තිබෙයි.

කෙසේ වෙතත් මෙම පිළිතුර ලබාදුන් අසාම් අමීන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින සයිබර් අපරාධ විමර්ශන ඒකකයට කැඳවා ඇති බවට ඊයේ සවස වාර්තා විය.
ඔහුට අද (10දා) පෙ.ව. 10.00ට මෙම ප්‍රකාශය ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා තිබී  ඇති නමුත් පසුව අද උදෑසන අසාම් අමීන් දන්වා ඇත්තේ තමන් කරුණු පැහැදිලි කිරීමෙන් පසු එම කැඳවීම අවශ්‍ය නොවන බව පොලිසිය දන්වා තිබෙන බවයි.