බන්ධනාගාරගතව සිටින පාතාල සාමාජිකයකුට දත් බෙහෙත් ටියුබයකට දමා මත් කුඩු මිලි ග්‍රෑම් 1850 ක් රැගෙන ගිය තිදරු මවක් ගාල්ල පොලීසියේ දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන පෙරේදා (08) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්

 මහතා වෙත

ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 14 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

   මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ බුස්ස ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය ගාල්ල බන්ධනාගාරයට රැඳවියන් බැලීම සඳහා පැමිණ ති‍බේ. එස් එනවිට ඇය මෙකී පාතාල සාමාජිකයාට ලබාදීම සඳහා දත් බෙහෙත් ටියුබයක දත් බෙහෙත් ඉවත්කොට එයට මත්කුඩු පැකට් හතරක් අසුරා රැගෙනවිත් තිබේ. බන්ධනාගාර නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව දත් බෙහෙත් ටියුබය කපා පරික්ෂා කිරීමේදී මත්කුඩු හසු වී ඇත. සැකකාරිය පොලීසියට බාර දී ඇත.

    මෙම කාන්තාව මෙකී පාතාල සාමාජිකයා සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙකී කාන්තාවගේ නිත්‍යනුකූල සැමියා ද දැඩි ලෙස මත්කුඩුවලට ඇබ්බැහී වී සිටින අයකු වන අතර ඔහු මෙම තැනැත්තිය අතහැර ගොස් ඇති බවද පොලීසිය කියයි.