කොළඹ නව පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මියගේ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය නවීකරණය සඳහා රුපියල් ලක්ෂ 57 ක් වෙන්කිරීම ගැටලු කාරී බව නාගරික මන්ත්‍රී සුමිත් පස්සෙපෙරුම ඊයේ මහනගර සභා රැස්වීමේදී කරුණු අනාවරණය කළේය.
කොළඹ පිහිටි පොදු වැසිකිළිවල පවතින ගැටලු සැලකීමේදී මේ ආකාර පුද්ගලික සුඛ විහරණය නොගැළපෙන දෙයක් බවට ඔහුචෝදනා කළේය.
ඊට පිළිතුරු දුන් නගරාධිපතිනිය රෝසි සේනාංකායක මහත්මිය වසර 4ක් තිස්සේ නගරාධිපති නිල නිවස පරිහරණය නොකිරිම් හේතුවක් එහි වැසිකිළි පද්ධතිය

අබලන්වීම් නිසා ඒවා නවීකරණයට පියවර ගත් බවත් පොදු වැසිකිළි අලුත්වැඩියාව සඳහාත් අලුතින් වැසිකිළි ඉදිකිරීම සඳහාත් පෞද්ගලික අංශයේ දායකත්වය මත දැනටමත් කටයුතු යොදා ඇති බවත් පවසා තිබේ.
මේ අතර පුරපතිනියව විවේචනය කරමින් සභාවේ අදහස් දැක්වුණ අතර අද මන්ත්‍රීවරයකුට පවා නගරාධිපතිනිය හමුවීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති බවත් නගර සභාව තුළ ඒකාධිපති පාලනයක් පවත්වාගෙන යන බවත් තමන් හමු වීමට අවශ්‍ය නම් චිට් එකකින් ඒ බව දැනුම් දෙන ලෙස ඇය මන්ත්‍රීවරුන්ට දන්වා ඇති බවත් දන්වා තිබේ. ඊටද පිළිතුරු දෙන නගරාධිපතිනිය කියා සිටියේ මන්ත්‍රීවරුන් 119 දෙනකු එකවර තමන් හමුවීමට පැමිණිමෙන් උගතවිය හැකි තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවය. තමන්ට නගරයේ ජනතාවගේ ගැටලු. සංවර්ධන කටයුතු
ගමන්ම ආයතනික ප්‍රශ්න විසඳීමටත් ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව සමග නිතර දෙවේලේ සාකචිඡා කිරීමටත් සිදුවී ඇතැයි ද ඇය සඳහන් කර තිබේ.