නව කැලණි පාලම් අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඒ හරහා ගමන් කරන රථවාහන හෙට (03) සිට 05 
වැනිදා දක්වා සීමා කිරීමට

පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය  පවසයි.  කොළඹ - නුවර මාර්ගයේ ගමන් ගන්නා රථවාහන කොළඹට පිවිසීමේදී හා කොළඹින් පිටවීමේදී කැලණි වරවුම අසලදී වාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය කියයි.

මේ නිසා වාහන තදබදය අවම කර ගැනීම සඳහා සුදුසු විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.