බාලවයස්කාර (අවු.12) පාසල් සිසුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාව මත දික්වැල්ල ප්‍රදේශයේ කනිටු විදුහලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු පෙරේදා අත්අඩංගුවට ගත් බව දික්වැල්ල
පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙකි. සැකකාර ගුරුවරයා තමන් ඉගැන්වීම් කටයුතු කරන දහම්පාසලකදී මෙම අපයෝජනය කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සැකකරු ඊයේ (02දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුලසේකර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක ගයන්ක කරවිට මහතා ඇතුළු නිලධා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.