පියා සොරකම් කරන ලද ජංගම දුරකථනයක් දියණිය පියාගෙන් සොරකම් කරගෙන පෙම්වතා සමග දුරකථනයෙන් කතාබහ  කරමින් සිටිය දී පොලිසිය රහසිගතව සිදුකළ දුරකථන පරීක්ෂණ වාර්තා අනුව සොරකම් කරන ලද ජංගම දුරකථනය සමග සැකකරු  අත්අඩංගුවට ගත් බව (07) අම්බලන්තොට

පොලිසිය කියයි.

අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ හමුදා සෙබළකුගේ බිරියක් නිවසේ තනියම සිටින අවස්ථාවේ දි නිවසට පැමිණි පුද්ගලයෙක් ඇයට  ලිංගික අතවරයක් ද සිදු කර ඇය සතු ජංගම දුරකථනය රැගෙන ගොස් ඇති බවට පොලිසිය  යට පැමිණිලි කර තිබුණි.

ජංගම දුරකථනය දිගින් දිගටම ක්‍රියා විරහිත කරතිබූ හෙයින් දුරකථන වාර්තා ලබා ගැනීමට  ප්‍රමාද වීමෙන් මෙම සොරකම සම්බන්ධව යට ගොස් ඇතැයි සැකකරු සිතා සිටි බව පොලිසිය කියයි.

ජංගම දුරකථනය ක්‍රියාත්මක වීමත් සමගම  දුරකථන වාර්තා ලබා ගත් පොලිසිය එහි දුන්  සිම්පත් දෙක ලියාපදිංචිය සොයා පරීක්ෂණ පැවැත්විමේදි දියණියගේ පෙම්වතාගේ සහ මවගේ නම්වලින් සිම්පත් රැගෙන තිබූ හෙයින් පොලීසිය දුරකථනය ළග තබාගෙන සිටි අයගෙන් ප්‍රශ්න කිරීමේ දී සිය පියාගෙන් මෙම දුරකථනය සොරාගත් බව දියණිය පොලිසියට පවසා ඇතැයි පොලිසිය කියයි.

 දියණිය පියා සමග අමනාප වී නිවසින් පිටව යන අවස්ථාවේ දී පියාගේ ජංගම දුරකථනය මෙලෙස සොරකම් කර ගෙන ගොස් ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

මුල් සිදුවීමේ සිට සියලු තොරතුරු අනාවරණය වීමෙන් පසු දුරකථනය හමුදා සෙබළාගේ බිරියගෙන් සොරගත් පුද්ගලයා ප්‍රදේශයේ කට්ටඩි වැඩේ ද කරමින් ගොවිතැන් කරන අයෙක් බවත් ඔහු අත්අඩංගුවට ගත් බවත් අමබලතොට පොලිසිය කියයි.
සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා හම්බන්තොට මහේක්ෂේත්‍රත්වරයා හමුවට (08) ඉදිරිපත් කිරීමට නියමිත බව අම්බලන්තොට පොලිසිය කියයි.