පහළොස් හැවිරිදි පාසල් සිසුවියක රවටා ඇය විටින් විට අපයෝජනයට ලක් කළ බවට සැකකරන පුද්ගලයෙකු පෙරේදා (O6දා) අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය පවසයි.

මාදම්පේ, සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි විවාහකයෙකු මෙලෙස අත්අඩංගුවට හන තිබේ. විවාහක බිරියගෙන් නීත්‍යනුකූලව වෙන්ව සිට ඇති සැකකරු එම ප්‍රදේශයේම පදිංචි දහවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය
ලබන අදාළ සිසුවිය හා ළෙන්ගතුව

ඇයට යම් යම් දේ ලබාදී ඇයට සමීපව සිට ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

ඒ අයුරින් ඇය රවටා විටින් විට සැකකරුගේ නිවසට ඇය රහසේ ගෙන්වා ගෙන එහිදී ඇය අපයෝජනයට ලක් කොට ඇති බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි. සිසුවිය සැකකරුගේ ග්‍රහණයට හසුව සිටියත් ඔහුගෙන් ලැබෙන වාසි අනුව ඇය සිද්ධිය වැඩිහිටියනට නොදන්වා සිටියද පසුව මේ පිළිබඳව ඇගේ දෙමවුපියන්ට අනාවරණය වීමෙන් පසු ඒ බව  පොලීසියට පැමිණිලි කර තිබේ.

ඉන් අනතුරුව සිද්ධිය පිළිබඳ පරික්ෂණ පැවැත්වූ පොලීසිය පෙරේදා (06දා සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.අත්අඩංගුවට පත් සැකකරු මීට පෙර මෙම සිසුවියගේ සහෝදරියක සමගද ඇසුරක් පවත්වා ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

 අදාළ සිසුවිය වෙද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරු හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසත්ත කුමාර මහතාගේ උපදෙස් මත එහි නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරික්ෂණ සිදු කරති.