රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වු අනුරුද්ධ පොල්ගම්පොළ මහතාගේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (10) අත්හිටවනු ලැබුවේය.

 අල්ලස් සිද්ධියකට හිටපු සභාපති  පී දිසානායක  හසුවීමෙන්  පසු

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා පොල්ගම්පොළ  පත්කරනු ලැබුවේ ඉකුත් 4 වැනි දාය.
ඔහුද මින් ඉහත විවිධ දූෂණ වලට සම්බන්ධ බවට මාධ්‍ය ඔස්සේ කරුනු පළවී විවේචන සිදුවීමෙන් පසු ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ඔහුගේ පත්වීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා 2015 ජනපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීය.
අනතුරුව ඔහු  පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.