ඊයේ මධ්‍යම රාත්‍රිෙය් සිට ක්‍රියාත්මකවූ ඉන්ධන මිල ඉහළයාම පදනම් කරගෙන ත්‍රීරෝද රථ ගාස්තුද වැඩිකරන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රීරෝද රථ සංගමය සඳහන් කරයි.
ත්‍රීරෝද සඳහා ඉන්ධන

සහනාධාරයක් ලබා දීමට රජය කටයුතු නොකරන්නේ නම් ලබන සඳුදා සිට පළමු කිලෝමීටරය සඳහා අයකරනු ලබන රුපියල් 60 ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ දමන බව ඔවුන් දන්වා ඇත.

ලක්‍ෂ අටහමාරක් පමණ වන ත්‍රීරෝද රථ රියදුරන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරත් තවම එය ලැබී නැති බවත් වැඩිවන ජීවන වියදම හමුවේ ඉන්ධන මිළ ඉහළ යෑම තම සාමාජිකයන්ට දරා ගැනීම අපහසු බවත් ඔවුන් දන්වා සිටී.
කෙසේ වෙතත් පසුගිය රජයේ අවසන් කාලයේ පැවති ඉන්ධන මිලට සාපේක්ෂව තවම පවතින්නේ අඩු ඉන්ධන මිලක් වන අතර ඒ කාලයේ ත්‍රීරෝද ගාස්තු මීට අඩු විය.