ටෙලි නාට්‍ය නිළි තුෂානි
කිතුල්ගල අවුරුදු සංචාරය අතර
ගඟේ ගිලී මියයයි



නවක ටෙලි නාට්‍ය නිළියක වන තුෂානි ද සිල්වා ඊයේ 17 පස්වරුවේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබේ. පවුලේ සාමාජිකයින් සමග ඇය අවුරුදු නිවාඩුව වෙනුවෙන් කිතුල්ගල  ප්‍රදේශයේ විනෝද චාරිකාවකට එක්ව සිටියදී දැඩි ජල පහරකට අසුවී මේ ආකාරයට මියගොස් තිබේ.
හඳයා මොනර කිරිල්ලී ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකත් චිත්‍රපට කිහිපයකත් රංගනයට දායකවූ
27 හැවිරිදි වියේ පසුවූ තුෂානි මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර විවාහයෙන්
එක් දරුවෙකුද සිටී. ඇය කිතුල්ගල විනෝද චාරිකාවට එක්ව දියනෑම සඳහා පැමිණි ගමනට ඇගේ මව හා පියාද එක්ව තිබේ.
පවු‍ලේ සාමාජිකයන් සමග කිතුල්ගල ප්‍රදේශයේ සංචාරයකට පැමිණි තුෂානි ගිනිගත්හේන කළුගල යටිබේරිය ප්‍රදේශය හරහා ගලායන කැලණි ග‍ඟේ ඊයේ (17) පස්වරු 1.30 පමණ

දිය නාමින් සිටියදී ගඟ මැද්දට යාමට උත්සාහ කර තිබෙන අතර එම අවස්ථාවේ පවුලේ අය එපා එපා යයි කියූ උපදෙස් ගණනකට නොගෙන සැඩ වතුර පහර මැද්දටම ගොස් දියනාමින් සිටි බව කියැවේ. සැඩ පහර වැඩිවෙත්ම ඇය ගසාගෙන ගොස් ඇත.

පවු‍ලේ සාමාජිකයන් හා ප්‍රදේශවාසීන් එක්ව ඇය සොයා සිදු කළ මෙහෙයුමකින් පසුව ඇගේ සිරුර දිය නෑ ස්ථානයට මදක් දුරින් කැලණි ගඟේම තිබි සොයා ගෙන ඇති අතර එම සිරුර කිතුල්ගල තැලිගම රෝහල වෙත යොමු කර ඇත.

ජීවිතක්ෂයට පත් තුෂානි දිය නෑ ස්ථානය දිය නෑම අවදානම් බව සඳහන් කරමින් දැන්වීම් පුවරු පවා සවි කර තිබූ තැනක් බව පොලිසිය වාර්තා කර තිබේ.
එම විනෝද චාරිකාව සම්බන්ධයෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී තුෂානිගේ මව සහ පියා මෙම චාරිකවට එක්වූ අයුරු ගැන මතභේදයකින් යුතුව කටඋත්තර දුන් බවද වාර්තා විය.
 ගිනිගත්හේන ‍පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
තුෂානි ටෙලි ක්ෂෙත්‍රයේ බොහෝ අයගේ ආදරයට ලක්වූ නිළියක වූ අතර පහත පළවන්නේ ඇය හිතවතුන් සමග පෙනී සිටි සෙල්ෆි ඡායාරූප එකතුවකි.