මිලියන එකහමාරක හෂීස්
ස්කෙට්බෝඩ් එකක හංගා 
ස්පාඤ්ඤයෙන් ගෙන්වාගත්
ජනප්‍රිය යොවුන් නාලිකා මාධ්‍යවේදියා අත්අඩංගුවට


ලංකාවේ ප්‍රමුඛ පෙළේ යොවුන් රූපවාහිනී නාලිකාවක සේවය කළ බව කියන මාධ්‍යවේදියෙකු ගුවන් තැපැල මගින් මෙරටට ගෙන්වූ පාර්සලයක රුපියල් මිලියන එකයි දශම හතරක් වටිනා හෂීස් තොගයක් සඟවා තිබියදී මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ රේගු නිලධාරීන් ඊයේ (17)දහවල් 12.30 ට පමණ එම මාධ්‍යවේදියාව අත්අඩංගුවට ගෙන ඇත.
ස්කේට් බෝඩ් (හිමමත ලිස්සායක පුවරුවක් ) තුල ඉතා සූක්ෂම ලෙස
අසුරා ස්පාඤ්ඤයේ සිට මෙරටට කිලෝ 1 ග්‍රෑම් 400ක් බර හෂීස් නමැති මත්ද්‍රව්‍ය පාර්සලය ගෙන්වා ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය මාධ්‍යවේදියාගේ නමට ස්පාඤ්ඤයේ සිට යොමු කර තිබුනේ සාලාව පාර ඇඹුල්දෙණිය මිරිහාන නුගේගොඩ යන ලිපිනයටයි.
මාධ්‍යවේදියා මධ්‍ය තැපැල් හුවමාරුවට ඊයේ

පාර්සලය රැගෙන යාමට පැමිණි අවස්ථාවේ රේගු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රශ්න කිරීමේදී මුලින් පවසා ඇත්තේ තමාට පාර්සලයක් එවා ඇති බව දැන්නූ නිසා පැමිණි නමුත් එය කවුරු එවුවාද කුමක් ඇතිදැයි දන්නේ නැති බවයි. නමුත් රෝගු නිලධාරීන්ගේ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සත්‍ය හෙළිදරව් කරමින් පවසා ඇත්තේ තමාට මඩකලපුව ප්‍රදේශයේදී හමුවූ සංචාරයකට මෙරටට ආ විදේශිකයෙකුට මේ ආකාරයට මත්ද්‍රව්‍ය එවැන්නයි දුන් උපදෙස අනුව මෙම පාර්සලය එවා ඇති බවයි.

මොහු ගැන පොලිසිය සිදු කළ වැඩිදුර පරීක්ෂණ වලදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නෙකු ලෙස අවස්ථා කිහිපයකදීම හසුව තිබෙන අයෙකු බවත් මේ ආකාරයට අවස්ථා හතරකදී විදේශයන්හි සිට මත්ද්‍රව්‍ය සහිත පාර්සල් ගෙන්වාගෙන ඇති අයකු බවත් අනාවරණය විය.
30 හැවිරිදි වියේ පසුවන ඔහු වර්තමානයේ නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන බවත් මින් ඉහත ලංකාවේ ප්‍රමුඛ පෙලේ යොවුන් රුපවාහිනී නාලිකාවක සේවය කර තිබෙන බවත් වාර්තා විය.
මාධ්‍යවේදියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රේගු මන්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ප්‍රීති ගාල්ලගේ සහ මකේ.එච්.පී. කුමාරසිරි යන මහරුගේ අධික්ෂණය යටතේ රේගු අධිකාරීවරුන් වන චන්න ශාන්තප්‍රිය සහ ලාල් ද සිල්වා යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වති.