ත්‍රිරෝද රථ සඳහා මීටරය සහ ඒවායේ ගමන් කරන මගීන්ට බිල්පතක් නිකුත් කිරිම අද (20) සිට අනිවාර්ය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි. ඒ සඳහා
මගියාට බිල්පතක් නිකුත් කළ හැකි මීටරයක් ත්‍රිරෝද රථයේ සවිකළ යුතු බවද ඒවා වෙළෙඳපොළෙන් මිලදී ගතහැකි බවද සභාපතිවරයා කීය. මගී ත්‍රිරෝද රථ සේවාවේ ගුණාත්මයාභාවය ඇති කිරීම. ගමන් කරන මගියාගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ මගියාගේ විශ්වාසනීයය ඇති කිරීමේ අරමුණින්

මෙය ක්‍රියාත්මක කරන බවද කෝදාගොඩ මහතා පැවසීය.
මගී ප්‍රවාහන රථ සඳහා මගියාට බිල්පතක් නිකුත් කර මීටරයක් සවි කිරීමට ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට දෙසැම්බර් 31 වැනිදා දක්වාද නැවත ඉකුත් අප්‍රේල් 1 වැනිදා දක්වාද සහන කාලයක් ත්‍රිරෝද රථ හිමියන්ට ලබාදුන් බවත් පැවසූ වෛද්‍ය කොදාගොඩ මහතා අනාතුරුව අද (20) සිට මීටර සවි කිරීම අනිවාර්ය කිරීමට තීරණය කළ බවද කීය. මහියාට බිල්පතක් නිකුත් කරන මීටර සවි නොකරන මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථවලට ඉදිරියේ නීති මගින් කටයුතු කිරීම සඳහා පොලිසියට උපදෙස් දෙන බවද සභාපතිවරයා පැවසීය.