අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන්ට පුඡා කළ අටපිරිකරක ගඩොල්කැටයක් තිබී හමුවී ඇතැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඊයේ (19) පැවසීය. මෙම අටපිරිකර මිලදී ගෙන ඇත්තේ බෞද්ධ නොවන පුද්ගලයකු විසින් පවත්වාගෙන යන පූජා භාණ්ඩ අලෙවිසලකින් බව හෙළි වී ඇතැයි කී ඇමැතිවරයා
මින් ඉදිරියට

බෞද්ධ නොවන පුද්ගලයන්ට පූජා භාණ්ඩ අලෙවි සල් පවත්වාගෙන යෑමට ඉඩ නොදෙන ලෙස නිලධාරින්ට උපදෙස් දුන් බවද කීය. දිනපතාම පාහේ සැදැහැවතුන් අට පිරිකර ඇතුළු පූජා භාණ්ඩ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පූජා කරන බවත් ඒවා පසුව අටමස්ථානාධිපති හිමියන් වෙත ලබා දීම සාමාන්‍ය සිදුවීමක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පුජා භාණ්ඩ වෙළඳසැල්වලින් අලෙවි කෙරෙන අට පිරිකර නියමිත ප්‍රමිතියකින් යුතුව ඇද්ද යන්න පිළිබඳව දැඩි පරික්ෂාවට ලක්කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියට දැනුම් දී ඇතැයි කී අමාත්‍යවරයා ප්‍රමිති ආයතනය වෙතින් ප්‍රමිති සහතිකය ලබාගෙන පූජා භාණ්ඩ වෙළෙඳසල් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද කියා සිටියේය. ඇමැතිවරයා මෙසේ පැවසුවේ නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.