ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන මැයි මස 19 වැනිදා පවත්වන්නට ෙම් වනවිට කටයුතු යොදා අැති අතර එ් සඳහා යළිත් වරක් සභාපති තනතුර සඳහා වත්මන් සභාපති තිලංග සුමතිපාල ඉදිරිපත් වන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා  මෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක
ඉදිරිපත්වනු ඇති බවට

වාර්තා පළව තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට ඒ බව තහවුරු කර ඇත්තේ තිලංග සුමතිපාල පමණි.
 අදාළ නාමයෝජනා භාරගැනීම මේ මස 27දා පස්වරු 4.00න් පසුව අවසන් වීමට නියමිතය.
අමාත්‍ය නවීන් දිසානායක මෙම වාර්තා ප්‍රතික්ෂේප කර ඇත. සභාපති තනතුරට ඉදිරිපත්වීමට දැනට බලාපොරොත්තුවක් නැති බවත් වත්මන් ක්‍රිකට් පරිපාලනයට එරෙහිව තරග වදින කණ්ඩායමකට සහයෝගය දෙන බවත් පමණක් ඔහු පුවත්පතකට පවසා ඇත.
 ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත හා සාමාජික ක්‍රීඩා සංගම් හා සම්මේලනවලට අදාළව ඡන්ද දායකයන් 147 දෙනකු 19දා පැවැත්වෙන නිලවරණයේදී ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටින අතර ඒ මඟින් ප්‍රධාන තනතුරු 7ක් ඇතුළුව නිලධාරීන් 15 දෙනකු තෝරා ගැනීමට නියමිතය.