කාලයක් ජනප්‍රියවූ ඩිස්නි ඇනිමේෂන් චිත්‍රපටයක්වූ ‘ෆයින්ඩින් නිමෝ‘ හි නිමෝ මාළුවාගේ හැඩයට හැදූ Qianglong 3 නමැති චීන සබ්මැරීනයක් පසුගිය සිකුරාදා මුහුදු යට
මෙහෙයුම් සිදු කරන ලද අතර එය සාර්ථක වූ බව ෂිංහුවා පුවත් වාර්තා කර තිබේ.
මෙම සබ්මැරීනය මිනිසුන් රහිත එකක් වූ අතර

සම්පූර්ණයෙන්ම ගොඩබිම සිට පාලනය වන එකක් විය. එහි වඩා වැදගත්කම වන්නේ මීටර් 4,500 ක්  ගැඹුරු මුහුදට පවා ගිල්විය හැකි වීමයි.
Qianglong 3 සිකුරාදා දකුනු චීන මුහුදේ දී ප්‍රථම වරට මෙහෙයුම් සිදු කරමින් මීටර් 3,500 ක ගැඹුරක්  වෙත ළඟා වූ බවත් විද්‍යාත්මක පරීක්ෂණ සඳහා එය වඩා ඉවහල් වන බවත් වාර්තා කර ිතබේ.
 තැඹිලි පැහැයෙන් සුප්‍රකට මාළුවාගේ හැඩයට හැදූ එය මීටර් 3.5 ක්, මීටර් 1.5 ක් උස සහ ටොන් 1.5 ක් බර බවද වාර්තා කර ඇත.