පොල් ගසට නැග්ග ලුවිස් සිංඤා 
ගහ උඩදීම මිය ගිය හැටි


පොල් කඩන්න ගසට නැගි පුද්ගලයකු පොල් ගස මුදුනේ සිටියදී සිහිසුන් ස්වභාවයෙන් ගසේ එල්ලී රැදී සිටියදී අසල්වාසීන් දැක 119 ට දන්වා මාතලේ පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීීක්ෂක ප්‍රියන්ත ජයසේකර මහතාගේ මැදිහත්වීම මත කඹයක ආධාරයෙන් බිමට ගෙන මාතලේ රෝහලට ඇතුළත් කිරීමේ පුවතක් මාතලේ පූරිජ්ජල ප්‍රදේශයෙන් වාර්තා වේ.

මාතලේ පුරිජ්ජල පදිංචි ඩබිලිව්.ඒ. ලුවිස් සිංඤා
නමැති පුද්ගලයා පොල් කැඩීමට ගස් සිටියදී මේ සිද්ධියට මුහුණ දුන් අතර රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බව මාතලේ රෝහලේ වෛදවරුන් ඥාතීන්ට පවසා ඇත.

පොලිස් ඇමතුම් අංක 119 ට ලද තොරතුර  මත මාතලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චානක ද සිල්වා

මහතාගේ උපදෙස් පරිදි වහා ක්‍රියාත්මක වූ උප පොලිස් පරික්ෂක ප්‍රියන්ත ජයසේකර මහතා සිද්ධිය වූ ස්ථානයේ සිටි පුද්ගලයන්ට ක්ෂණිකව කඹ හා කූඩාරම් රෙදි. දැල් ආදිය සුදානම් කරගන්නා ලෙස දක්වා  ස්ථානයට ගොස් පරීක්ෂා කර ගසේ එල්ලී රැදී සිටි පුද්ගලයා ඔන්චිල්ලාවක ක්‍රමයට සාරිවල ගැට ගසා බීමට ගැනීමට උපදෙස් ලබා දී ඇත.

පසුව මාතලේ රෝහලට රැගෙන යාම සඳහා  වාහනද අදාළ ස්ථානයේ සුදානම් කර තැබීමට අසල්වාසීන්ට දැනුවත් කර එම පුද්ගලයා බිමට ගැනීමට කටයුතු කරන ලදී. මෙම පුද්ගලයා බිමට ගැනීමට ඔහුගේ පුතකු පොල් ගසට නැඟ වීර ක්‍රියාවක් කිරීම ගැනද අසල්වාසීන් මවිතයට පත්ව කතා කර තිබේ.

ගසේ ඉන්නා පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා ද ගස පාමුල අවට දැල් ආවරණ යොදා තිබිණි. පුරිජ්ජල ප්‍රදේශයේ ජනතාව මාතලේ පොලිසිය උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ජයසේකර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමට හා සමස්ත පොලිසියට ප්‍රශංසා කිරීමටද අමතක නොකළහ.