අමරිකානු GSP බදු සහනය මෙරට ඇඟලුම් සඳහා හිමි නොවන බව වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂක ජෙනරාල් නිමල් කරුණාතිලක මහතා පවසයි.



එහෙත් මෙරට නිෂ්පාදිත රබර්, මැණික් හා ස්වර්ණාභරණ, සෙරමික්, මත්ස්‍ය නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන රැසකට ලබන 22 වන දා සිට අමරිකානු GSP බදු සහනය හිමි වනු ඇති.

මෙරට නිෂ්පාදිත භාණ්ඩ සඳහා වන GSP සහනයේ මූල්‍යමය වාසිය මෙරට භාණ්ඩ ආනයනය කරන අමෙරිකානු සමාගම්වලට හිමි වනු ඇති.

එහෙත් භාණ්ඩ ආනයනයේදී සම්පූර්ණ තීරු බද්දෙන් නිදහස් වීම තුළ මෙටර කර්මාන්තකරුවන් දිරි ගැන්වීමක් සිදු වන බව වැඩබලන අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.