පන්ති යන මුවාවෙන් පෙම් සුව විඳීමට සිය බාල වයස්කාර දැරියකට හා ඇයගේ පෙම්වතාට පහරදීම සබන්ධයෙන් දැරියගේ පියා ඇතුළු තිදෙනකු සැකපිට අත්අඩංගුවට (30) ගෙන පහර කෑමට ලක්වූ තරුණයා හා දැරිය රෝහල් ගත කිරීමට පියවර ගත් බව පොල්පිතිගම පොලීසිය කියයි. මෙලෙස රෝහල් ගත කර ඇති 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යත්වය විභාගය පවා ඉහළින් සමත් වු 15 වියැති බාල වයස්කාර දැරියක හා
අවුරුදු 28 ක්

වයසැනි පාසල් හැරගිය තරුණයකු බවත් පොලීසිය පවසයි. පන්ති යන බව පවසා 30 දින උදේ නිවසින් පිටව ගිය මෙම සිසුවිය එදින හවස් වන තුරු තම පෙමවනා සමඟ කල් ගතකොට ආපසු පැමිණෙමින් සිටින අතරවාරයේදී තම පියාට හසුවී ඔහු තව දෙදෙනෙකු සමඟ එක්ව එම තරුණයාට පමණක් පහරදී ඇති බව ඒ සම්බන්ධව කළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භකර පහර දුන් බවට දැරියගේ පියා හා සහයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් තිදෙනා මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවක් පොලිසිය කීය.
අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර ඇති නමුත් බාල වයස්කාර දැරිය හා ඇයගේ පෙම්වතාද අධිකරණයට යොමුකරවන බවද පොලිසිය කීය. බාල වයස්කාර දැරිය වැඩිදුර පරීක්ෂණ සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බවක් ඇයගේ පෙම්වතා බවට සැකකරන තරුණයා පොලිස් ආරක්ෂාව මැද වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොල්පිතිගම දිසා රෝහලේ සේවකයෙක් පැවසීය.