වර්ජනය තාවකාලිකව අවසන්

4 pm Update

වැඩවර්ජනයක නිරත වී සිටි ගුවන්තොටුපොළ වෘත්තීය සමිති නියෝජිතයන් හා රජයේ නියෝජිතයින් අතර සාකච්ඡාවකින් පසු වර්ජනය තාවකාලිකව අවසන් කරන්නට තීන්දු වූ අතර ගුවන් තොටුපළ වැඩ කටයුතු අද සවස වනවිට යළි යථා තත්වයට පත් විය.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශොක් අබේසිංහ, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ අතිරේක ලේකම් ආර්.එම්.කේ. රත්නායක හා ගුවන් තොටුපොළ පාලනාධිකාරිය අතර සාකච්ඡාව පැවතිණි.

මෙම වර්ජනය සඳහා ගුවන් තොටුපොළ ඉතිහාසයේ ප්‍රථම වතාවට වෘත්තීය සමිති පහම එකතු වී තිබූ අතර එම ඉල්ලීම් වලට ඉක්මණින් විසඳීම් ලබාදෙන බවට පොරොන්දුව සමග වර්ජනය නතර විය.

12 pm update
 ඔක්කොම එළියට බැහැලා
කටුනායක ගුවන්තොටේ සියලු වැඩ නවතී

අද 3 දහවල් කටුනායක ගුවන් තොටුපළේ සේවක විරෝධතාවයක් නිසා සියලු කටයුතු අකර්මන්‍යවී තිබේ.
ගුවන් තොටුපළ සේවකයින්ට වසර 3 කට වරක් රුපියල් 10000 ක වැටුප් වැඩිවීමක් සිදුවිය යුතු වුවත් අවුරුදු 6 කින් වැඩි කර නැති බවත් ඒ වෙනුවෙන් ඊයේ 2 කළ සංකේත වැඩවර්ජනයට ඇමති නිමල් සිරිපාල ද සිල්වා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා
අද දහවල් 11 ට

කටුනායක ගුවන් තොටුපළේ සේවකයින් සියල්ල එළියට බැස උද්ඝෝෂණයක නිරතව සිටී.

ඒ අනුව මේ වනවිට ගුවන් තොටුපළේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්ත දෙකම වසා දමා ඇත.
පොලිසිය හමුදාව එස්ටීඑෆ් සියල්ල මේ වනවිට ගුවන් තොටුපළ අවට ආරක්ෂාවට යොදා ඇති අතර ගුවන් යානා ගොඩ බැස්සවීම පමණක් සිදුවන නමුත් ගුවන් ගතවීම හෝ අනෙක් රාජකාරී වැඩ සියල්ල නැවතී තිබේ.