ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගියදා සම්මත කරන්නට යෙදුණ නීතිරීති මාලාවක් තම ජන කොට්ඨාසයන්ට අසාධාරණයක් වූ බව කියමින් ඊයේ උතුරු ඉන්දිය ප්‍රදේශ කිහිපයක ඇතිවූ ගැටුම් හේතුවෙන්
6 දෙනෙකු මියගොස් තිබේ.

උප ලේඛනගත කුල සහ උප ලේඛනගත ගෝත්‍ර වල අයට බලපාන පරිදි නවනීති සකස්වී ඇති බව කියැවේ.
ඉන්දියාවේ බොහෝ රාජකාරී කිරීමට එක් එක් පුද්ගලයින්ගේ කුලය සැලකිල්ලට ගන්නා අතර ප්‍රධාන නොවන ප්‍රාදේශීය ගම්බද ජනතාව අයත් කුල වෙනස්කම් වලට හා විභේදනය නීතිය මගින් අර්ථ නිරූපණය කිරීම අසාධාරණයක් බව බොහෝ කලෙක සිට විවාදයට තුඩුදී ඇති ගැටලුවකි.
ඊයේ ඇතිවූ ගැටුම් නිසා ගව්ලියර් දිස්ත්‍රික්කයේ 3 ක් බින්ඩ් දිස්ත්‍රික්කයේ 2 ක් මොරිනා දිස්ත්‍රික්කයේ 1 ක් ලෙස මියගොස් ඇත. එම ප්‍රදේශ වලට ඇඳිරි නීතිය යොදවා ඇත.
මේ අතර ඉන්දීය රජය උප ලේඛනගත කුල සහ උප ලේඛනගත ගෝත්‍ර සම්බන්ධ නීති නැවත සලකා බලන්නැයි අධිකරණයෙන් ඉල්ලීමක් යොමු කර ඇත.