කතරගම දේවාල භූමිය ආසන්නයේ පිහිටි දේවාලයක කපුවකු මස් කර ලද මුවකුගේ මස් තොගයක් දේවාලයේ ශීතකරණයක් තුළ තබාගෙන සිටියදී ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් ඊයේ
(04) අලුයම

අත්අඩංගුවට ගෙන තිබේ.
කතරගම ප්‍රදේශයේ කීපදෙනකුගෙන් ලැබුණු තොරතුරක් මත ලුණුගම්වෙහෙර, කිතුල්කොටේ, තණමල්විල වනජීවී නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත. ශීතකරණ තුළ මුවාගේ හිස ද තිබූ බව වනජීවී නිලධාරීහු පවසති.
මෙම කපුවා බීමත්ව සිටි බවත්, මත්පැන් බෝතල් දෙකක් සහ බියර් බෝතල් දෙකක් ද තිබී අත්අඩංගුවට ගත් බවත් වනජීවී නිලධාරීන් පවසති. ඓතිහාසික අෂ්ටපල බෝධියට මීටර් 60ක් වැනි සුළු දුරකින් මෙම දේවාලය පිහිටා ඇති බවත් කියයි