දළ දෙකක් ඇති කුකුළකු පිළිබඳව වෙන්නප්පුව ආසනයට අයත් කිරිමැටියානෙන් වාර්තා වේ.විරල
ගණයෙහිලා සැලකෙන

දළ කුකුළාගේ හිමිකරු වන්නේ ලුණුවිල බටහිර කිරීමැටියාන අක්කර 80 නොම්මර 46 ලිපිනයේ පදිංචි එච්.ඇල්. කරුණාජීව මහතායි.
නිවසේ හදාවඩාගත් කුකුළාගේ මෙම දළ දෙක දුටු තමන්ට මහත් සේ මවිතයට පත් වූ බවත් කුකුළාගේ වැඩීමත් සමගම දළ දෙකද ලියලන බවත් කියන ඔහු මේ වන විට අති විශාල ජනකායක් මේ කුකුළාව දැක මවිතයට පත්ව සිටින බවද  කීය.
සොබාදහමේ අපූරු සොටා හාස්කම් අතර දළ දෙකේ මෙම කුකුළාට මුල් තැනක් හිමිවන බවද ගම්වාසීහු කියා සිටිති.
(ජොන් ඇන්ටනි)