රාජ්‍ය බැංකුවලට අප්‍රේල් 20 වන ආ දින භාගයක් නිවාඩු ලබා දීමට මහ බැංකුව තීරණය කර තිබේ. සිංහල
හින්දු අලුත් අවුරුද්ද යෙදුන

දිනය සෙනසුරාදා දිනයක් වීම නිසා මෙම විශේෂ දින භාගයක නිවාඩුව ප්‍රකාශයට පත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ අනුව අප්‍රේල් 20 දා කොළඹ
කොටස් වෙළඳපොළ ගනුදෙනු ද එදින මධ්‍යහ්න 12.00ට අවසන් කරන බව
කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන නියාමන නිලධාරිවරයා විසින් තැරැව්කාර සමාගම් වෙත දැනුම් දී ඇත.
මෙම දින භාගයක විශේෂ නිවාඩුව බැංකුවලට පමණක් අදාළ වන බවද මහ බැංකුව නිවේදනය කර ඇත.