විදුහල්පතිනියට බැණ
දණගස්වාගත් චාමර සම්පත්ට

නැවත අධ්‍යාපන ඇමතිධූරය


බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පනීනී ආර්. භවානී මහත්මිය දණගැස්සවීමේ සිද්ධියක් නිසා පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කළ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක  එම සිද්ධියෙන් පසුව පොලිසියට භාරවී ඇප ලබා සිටින අතරවාරයේ අධ්‍යාපන ඇමති ධූරයෙන් ඉල්ලා අස්වුවද
ඔහුට නැවත පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීමට
ඌව පළාත් හිටපු ආන්ඩුකාර එම්.පී. ජයසිංහ කටයුතු කර තිබේ.
 පළාත් සභා මන්ත්‍රීන්ගෙන් සහ මහජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන ඔහු එම ධුරයට යළිත් පත් කළ බව පවසා ඇති ඔහු අධ්‍යාපන ඇමැතිවරයකු ලෙස චාමරට මෙම චෝදනාව හැර වෙනත් කිසිදු චෝදනාවක් නැතැයිද

ඔහු නැවත යම් වැරැදි වැඩක් කරන්නේ නම් ඊට එරෙහිව පැමිණිලි කිරීමට මහජනතාවට මෙන්ම ජනමාධ්‍යයට අයිතියක් ඇතැයිද කියා තිබේ.

විදුහල්පතිනි ආර්. භවානි මහත්මිය මහඇමැති නිල නිවසට කැඳවා ඇයට බැණ වැදී දණ ගැස්වීමේ සිද්ධිය ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් විමර්ශනයක්ද පවත්වන ලදි.

ඒ සම්බන්ධයෙන් අධිකරණයේ පැමිණිල්ල තවමත්  විභාග වන අතර මහ ඇමැතිවරයා ඇප පිට සිටියි.
 සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් විමර්ශනයක් සිදු කෙරුණු  නමුත් විමර්ශන වාර්තාව ප්‍රසිද්ධියට පත් නොකරම නැවත තනතුරේ පිහිටුවා ඇත.
විදුහල්පතිනියට සිදුවූ කරදරය මුලින්ම හෙළිදරව් කළ  ජනතා විමුක්ති පෙරමුණු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා මෙම ක්‍රියාව දැඩි පිළිකුලෙන් හෙළා දකින බව පවසා තිබේ.