ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල අනිවාර්යයෙන්ම ඉහළ නැංවීම සිදුකළ යුතු බවත්, එය සිංහල හා හින්දු අලූත් අවුරුද්දෙන් පසු සිදුවනු ඇති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ලේකම් උපාලි මාරසිංහ මාධ්‍ය වෙත පවසා ඇත්තේ දැනට ඉන්ධන අලෙවියෙන් සංස්ථාවට දිනකදී රුපියල්
මිලියන 38 ක

පාඩුවක් සිදුවන බවයි.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ඛනිජ තෙල් සංස්ථා ඉන්ධන මිල තීරණය කෙරෙන මිල සූත්‍රයක් සැකසීමේ කටයුතු මේ වනවිට සිදු  කෙරෙමින් පවතියි.
කෙසේ වෙතත් අදාළ මිල සූත්‍රය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා මේ වනවිට යොමු කර ඇත.
ලංකා IOC සමාගම සිය පිරවුම්හල්වලින් බෙදාහරින ඞීසල් ලීටරයක මිල රුපියල් 5කින් සහ පෙට්‍රල් රුපියල් 9කින් ඉහළ දැමීමට පසුගියදා පියවර ගත් අතර එයට සමගාමීව සිපෙට්කෝ තෙල් මිලද ඉහළ යනු ඇත.
එම අවස්ථාවේ රජය ප්‍රකාශ කළේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල කිසිසේත් ඉහළ නොයන බවයි.