මහමැදගම මහා විද්‍යාලයට පැමිණි රිළා රංචුකට ගොඳුරු වූ සිසුවකු රිළවුන්ගේ සපාකෑමට ලක්වී පතිකාර සඳහා තලාතුඔය ප්‍රාදේශීය රෝහලට පෙරේදා (3) දහවල් ඇතුළත් කොට ඇත. එම විද්‍යාලයේ හතරවන
වසරේ ඉගෙනුම

ලබන පිරිමි දරුවෙකු විවේක කාලයේදී පාසලේ එළිමහනෙහි ගමන් කරනවිට එක්වරම පැමිණි රිළවුන් දෙදෙනෙකු එම සිසුවා බිම දමා පෙරළා ගෙන සපා කා ඇත. එයින් තුවාල ලැබූ සිසුවා විදුහලේ ගුරුවරුන් විසින් තලාතුඔය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (4) සවසම මහනුවර මහරෝහලට මාරුකර යවා ඇත. මෑතක සිට මෙම ප්‍රදේශයේ රිළා ගහනය
වැඩිවී ඇති අතර ඒ පිළිබඳව ප්‍රදේශයේ බලධාරීන්ට දැනුම් දුන්නද මේ දක්වා විසඳුමක් ලබා නොදුන් බව ප්‍රදේශවාසීහු පවසති. බොහෝ විට රිළවුන් පාසලේ පන්තිවලට පැන සිසුන්ගේ දිවා ආහාරය පවා රැගෙන යන බව මවුපියෝ වැඩිදුරටත් පවසති.