බියගම හෙයියන්තුඩුව ප්‍රදේශයේ මාස දහයක සිඟිති දරුවකු උගුරේ කුරුමිණියකු සිරවීමෙන් 3 දා රාත්‍රී මිය ගියේය.
මෙසේ මියගොස් ඇත්තේ හෙයියන්කඩුව ගුණසේකර පාරේ පදිංචිව සිටි පවුලේ එකම දරුවා වූ දේමුල්ලගේ සස්මිත අනුහස් (මාස 10) නමැති පිරිමි දරුවෙකි.
සිද්ධිය වූ දින රාත්‍රී 8.30ට පමණ දරුවාගේ පියා ඔහුට අයත් හෝටලයේ සිට සිය නිවසට දරුවා රැගෙන විත්
බිරියට භාර දීමෙන්

පසු නිවසේ සාලයේ බිම මවත් සමග දරුවා කෙළිදෙලෙන් පසු වී ඇත. එසේ සිටි දරුවා එකවරම කුරුමිණියෙකු වැනි සතෙකු කටේ දමා ගන්නවා දරුවාගේ මව විසින් දැක ඇති අතර පසුව නිවැසියන් සමග එක්ව එය දරුවාගේ උගුරන් එළියට ගැනීමට උත්සාහ කර ඇත. එය අසාර්ථක වීමත් සමග එසැනින්ම කිරිබත්ගොඩ රජයේ රෝහලට දරුවා රැගෙන ගොස් ඇති අතර එහිදී දරුවා මියගොස් ඇත.
දරුවාගේ සිරුර පිළිබඳව පශ්චාත් වෛද්‍ය පරික්‍ෂණය 4 වනදා දහවල් රාගම රෝහලේ අධිකරණ මමද්‍ය නිලධාරි එම්.එම්.ජී.එස්. ගුණතිලක මහතා විසින් සිදු කරන ලද අතර එහිදී ඒ මහතාගේ නිගමනය වූයේ දරුවාගේ ශ්වාසනාලයේ කුරුමිණියෙකු සිරවීමෙන් මෙම මරණය සිදු වී ඇති බවයි.