ආනයනික රත්‍රන්වලට වටිනාකම පදනම් කරගනිමින් 15%ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීන්දු කර ඇත. පෙරේදා (17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම බදු ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ඊට
අදාළ උපදෙස් ඊයේ (18) පෙරවරුවේ රේගුව වෙත නිකුත් කළ බවත් බදු වැඩි කිරීම පිළිබඳ විශේෂ ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අත්සනින් අද (19) නිකුත් කරන බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය. ආනයනික රත්‍රං සඳහා මතෛක් බද්දක් ලෙස අය වූයේ

9%ක පමණ ප්‍රතිශතයක් වන අතර එය 6%කින් ඉහළ ගොස් තිබේ.
රන් පවුමක වටිනාකම රුපියල් 8000කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව රන් අලෙවිකරුවන් සඳහන් කරන අතර පවුමක වටිනාකම මේ අනුව රුපියල් 58,200ක් වේ. මෙහිදී අදාළ මුදලට සාපේක්ෂව රන් භාණ්ඩ මිලද ඉහළ යන බව ඔවුහු සඳහන් කළහ. මේ අතර ලෝක වෙළෙඳ‍පොළේද රත්‍රන් මිල ගණන් ඉහළ ගොස් තිබෙන අතර නිව්යෝර්ක් වෙළෙඳ‍පොළේ මෙම සති අන්තයේ රත්‍රන් අවුන්සයක මිල සටහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 1345ක් ලෙසිනි. මැද පෙරදිග දැනට පවතින දේශපාලන අර්බුදය හා වෙනත් ගෝලීය බලපෑම් මෙලෙස ලෝක වෙළෙඳ‍පොළෙහි රත්‍රන් මිල ඉහළ යාමට හේතුවී තිබේ.