මෙවර නුවරඑළිය වසන්ත සැනකෙළියට සමගාමීව අයිස් කැටයම් නිර්මාණකරුවන්ගේ තරගයක් නුවරඑළියේ දී පවත්වා තිබේ.. ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය  වසර 2කට වරක්
පැවැත්වෙන්නකි.

එහි සාර්ථකත්වය නිසා මින් පසු වාර්ෂිකව මෙය පැවැත්වීමට සැලසුම් කර තිබේ.
එමගින් නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අයිස් කැටයම්කරුවන්ගේ නිර්මාණ දැක ගැනීමේ අවස්ථාව උදාවෙයි.
ඊයේ පැවති තරගයට කොළඹ, කළුතර, මහනුවර, නුවරඑළිය හා කණ්ඩලම වැනි සංචාරක කලාපවල තරගකරුවන් දස දෙනෙකු සහභාගී වුණා. එක් නිර්මාණකරුවෙකුට සිය නිර්මාණය සඳහා ලබාදෙන කාලය විනාඩි අනූවක් වූ අතර එම කාලය තුළ ඔවුන් තමන්ගේ දක්ෂතාව අනුව නිර්මාණ කළ යුතු විය.