ජාන වෙනස් කරන ලද ආහාර වර්ග මෙරටට ගෙන්වන්නේ දැයි සොයා බැලීම සඳහා වසර දෙකකින් පරීක්ෂාවක් සිදුකර නැතැය වාරිතා වේ. වෙළඳපොළේ පවතින ආනයනික ආහාර ද්‍රව්‍ය අහඹු ලෙස ලබා ගෙන ඒවායේ ජාන වෙනස් කරන ලද ද්‍රව්‍ය අඩංගු දැයි සොයා බැලීම 2015 වසර දක්වා අවස්ථා තුනකදී සිදු වූ බවත්
එහෙත් ඉකුත් වසර දෙද්දී එය සිදුකර ඇති බවත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අල්බේකෝන් මහත්මිය පැවැසුවාය.
කෙසේ වෙතත් එම පරික්‍ෂවන් සිදු කළ කිසිදු අවස්ථාවක එවැනි ජාන වෙනස් කරන ලඳ කිසිඳු ද්‍රව්‍යයක් හමු නොවූ බව ද

අබේකෝන් මහත්මිය කීවාය. පරිසර අමාත්‍යාංශය මඟින් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ඉකුත්ද (29) පැවැති සමන්ත්‍රයක දී මෙම තොරතුරු අනාවරණය විය.
ශ්‍රී ලංකාව තුළ ජාන වෙනස් කළ ජීවීන් සුරක්ෂිත ලෙස භාවිතය සඳහා ජෛව සුරක්ෂිතතාව ක්‍රියාත්මක කිරිම පිළිබඳ දැනුවත් කිරිම සඳහා මෙම සම්මන්ත්‍රණය පවත්වනු ලැබුයේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසිනි. ජෛව තාක්ෂණ ක්ෂේත්‍රයේ මෑත කාලීන ප්‍රගතිය සහ එම තාක්ෂණය මඟින් කාෂිකරම ක්‍ෂේත්‍රය හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අත්වන වැදගත් ප්‍රයෝඡන පිළිබඳව සලකා බැලීම් දී නවීන තාක්‍ෂණයේ නිෂ්පාදනයක් වන ඡාන විකරණය කළ ජීවීන් පිළිබඳ පුළුල් මට්ටමින් සලකා බැලීමේ අවශ්‍යතාව එහිදී මතු කෙරිණි. ඉන්සියුලින් එන්සයිමය නිපදවීමේ සිට නියඟයට ඔරොත්තු දෙන ශාක නිපදවීම දක්වා ජෛව තාක්ෂණය දායක වී ඇති බවත් මිනිස් ජීවිතයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට එම තාක්ෂණය යොදාගත හැකි නමුත් ජාන තාක්‍ෂණය පිළිබඳ මිථ්‍යා මත සමාජයේ ඇති බවත් එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.