විදේශ ගතව සිට මෙරටට පැමිණි සිය බිරිය කටුනායක ගුවන්තොටුපොළේ සිට නිවසට රැගෙන ඒමට තමන්ගේ ත්‍රිරෝද රථයෙන් ගුවන්තොටුපොළට යමින්සිටි සැමියකු කොහුවල ප්‍රදේශයේදී  මෝටර් රථයක
හැපීමෙන් පෙරේදා (8)

මියගොස් තිබේ.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරකු වූ දෙහිවල බෙල්ලන්විල පිරීවෙන පාර පදිංචිව සිටි වසන්ත පෙරේරා (53) යන අය යි.
සිද්ධිය අවස්ථාවේ මියගිය රියදුරුගේ දියණිය හා සහෝදරයෙකුද රථයේ සිට ඇති අතර ඔවුන් තුවාල ලබා ඇත.
මියගිය අය තම බිරිය කැටුව ඒම සඳහා බෙල්ලන්විල සිට කොහුවල හරහා වේගයෙන් යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් ත්‍රිරෝද රථයට බරපතළ අලාභ හානි වී ඇති අතර ත්‍රිරෝද රථයේ සිර වී සිටි අය ප්‍රදේශවාසින් විසින් රෝහල් ගත කර තිබුණි.
මෝටර් රථය පැදවූ සැකකරු නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.