කාන්තාවන් 6 දෙනකු ඝාතනයට සම්බන්ධ බව කියන ශ්‍රී ලාංකික ''දාම ඝාතකයකු” ඉන්දියාවේ චිත්තෝර් ප්‍රදේශයේ දී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි, ද හින්දු පුවත්පත ඊයේ (21) අනාවරණය කළේ ය.
දෙමළ ජාතිකයකු වන මෙම ශ්‍රී ලාංකිකයා ඝාතනයට තැත් කිරීම් 04 කටද සම්බන්ධ බව හෙළි වී ඇත.  43 හැවිරිදි මෙම පුද්ගලයාගෙන් ඝාතනය වූ කාන්තාවන් දූෂණයට ලක්කොට හෝ ඔවුන්ගෙන් රන් හෝ මුදල් කොල්ලකා නොමැති බවට ද හෙළි වූ බව පොලීසිය පවසා ඇත. මෙම

පළමු සිද්ධිය වාර්තා වී ඇත්තේ පසුගිය පෙබරවාරී 20 වැනිදායි. ඒ නාගිරිි මණ්ඩන් ප‍්‍රදේශයෙනි. දෙවැනි සිද්ධිය වාර්තා වී තිබුණේ පසුගිය 09 වැනිදා පාලාසමුද්‍රම් ප්‍රදේශයෙනි.
සාතන පිළිබඳ විමර්ශනයේ දී ඇඟිල්ලි සලකුණු සාක්ෂි  විමසා බැලීමේදී සැකකරු පිළිබඳ අනාවරණය වූ බව පොලිසිය පවසා ඇත. මුනුස්වාමි අවුරුදු 17 සිට නිවාස බිඳීම් කර ඇති අතර පළමු ඝාතනය කරන ලද්දේ 2007 වසරේදීය. සිරගත වී නිදහස් වීමෙන් පසුවද ඔහු මාස 18 ක් වයසැති දැරුවකු ඝාතනය කර තිබුණි. ඔහු පවසා තිබුණේ දැරිය අත ජංගම දුරකථනයක් තිබූ නිසා ඝාතනය කළ බවයි.  මොහු කාන්තාවන් ඝාතනය කර තිබුණේ ගඩොල් කැට, විශාල ගල් ආදිය දමා ගැසීමෙන් බවට ද හෙළිවී තිබේ.
මොහු දිගින් දිගටම ඝාතනය කර ඇත්තේ කාන්තාවන්ය. මුනුස්වාමින් ශ්‍රී ලාංකික සම්බන්ධතාව හෝ පෙර ජීවිතය පිළිබඳ වැඩිදුර තොරතුරු ඊයේ වනතුරුත් වාර්තා කර නොතිබීණි. මොහු කළ සෙසු අපරාධ පිළිබඳ තමිල්නාඩු පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.