පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් බංගලිදේශය හා ශ්‍රී ලංකාව අතර නිදහස් කුසලාන තරගය අවසානයේ බංගලිදේශ කණ්ඩායමේ විවේකාගාරයේ වීදුරු දොර තරගය අවසානයෙන් පසු කුඩුකර විනාශ කරෙන්නට
බංගලිදේශ නායකයා හැටියට එදින කටයුතු කළ ෂකීබ් අල් හසන් කටයුතු කර තිබුණි.
මේ වනවිට එම දොර ප්‍රේමදාස

පිටියේ පරිපාලනය විසින් පිළිසකර කර තිබේ. ඒ සදහා වැයවූ මුදල රුපියල් එක්ලක්ෂ පණස්දහසක් බව වාර්තා විය.
සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කර එම අලාබය ගෙවන්නට බංගලිදේශ ක්‍රිකට් ආයතනය කල් ඇතිවම දැනුම්දුන් නිසා එම වියදමට අදාළ රිසිට්පත ඔවුනට යොමු කර එය පියවීමට ඔවුන්ට දන්වන බව බලධාරීන් දන්වා තිබේ.
කෙසේ වෙතත් විනය විරෝධී කටයුත්තට දායකවූ ෂකීබ් සම්බන්දයෙන් එරට නිලධාරීන් මේ වනතුරු කිසිදු පියවරක් ගෙන නැති බවද වාර්තාවේ.