ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවිය සඳහා ගෙන්වන  ලද රුපියල් හය කෝට් හැත්තෑ එක්ලක්ෂ හැටපන් දහස් හයසිය පනස්පහක (67,165,655) ඔනෂධ කල් ඉකුත් වී ඇතැයි ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාවේ සඳහන් වෙයි.

මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පස්වැනි කෝප් කමිටු වාර්තාවයි.

සංස්ථාවේ අලවිය සදහා ගෙන ලද ඔෟෂධවලින් 2016 වසරේදී කල් ඉකුත් වූ ඔෟෂධයන්හි වටිනාකම රුපියල් හාරකෝටී හැත්තෑ එක්ලක්ෂ අසුහතරදහස් අනුහත (47,184,097) ක් බව එම වාර්තතාවේ සඳහන් වේ.

ඊට අමතරව ටෙන්ඩර් ලීයවිලීවල ඇතුළත් ගිවිසුමේ කොන්දේසි ප්‍රකාරව පැවතිය යුතු වර්ෂ 2 ක අවම ජීව කාලය රහිත ඔෂධ මිලදී ගැනීම හේතුවෙන් තවත් රුපියල් එක් කෝට් අනුනව ලක්ෂ අසුඑක් දහස් පන්සිය පනස් අටක (19,981,558) ඖෂධ ද කල් ඉකුත් වී ඇති බව වාර්ත වී තිබේ.
සංස්ථාවේ පරිගණක අංශයෙන් ලබා ගන්නා ලද තොරතුරු අනුව මෙම කරුණු හෙළිදරව් වී ඇත. අදාළ වර්ෂයට පෙර වර්ෂ දෙකකද ඇතුළුව කල් ඉකුත් වූ ඔෂධ පිළිබඳ වාර්තාවක් කෝප් කමිටුව විසින් ඉල්ලා ඇත. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) පස්වෙනි වාර්තාව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කරන ලදී.

කෝප් කමිටුව විසින් 2017-03-01 දින සිට 2017-06-30 දින දක්වා රාජ්‍ය ආයතන 13 ක් සම්බන්ධයෙන් කළ විමර්ශන මෙම වාර්තාවට ඇතුළත් වන බව සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.
වෛද්‍ය සැපයුම් අංශය හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා ගිණුම්  අතර දිගින් දිගටම වෙනස්කම් පවතින බවද කෝප් කමිටුව හමුවේ හෙළිදරව් වී තිබේ.