
සොරකම් කිරීම නිසා
මෙම සිසුවා කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ අතර පොලිසියට සිසුවියන් කළ පැමිණිල්ලෙන් පසුව සිසුවාගේ නිවස පරීක්ෂා කිරීමේදී ලැප්ටොප් දෙක හසු විය. තමන්ගේ ලැප්ටොප් එක කැඩී ඇති නිසා ඒවා සොරකම් කර ඇතුළ කොටස් ගලවා තමන්ගේ ලැප්ටොප් එකේ කොටස් වලට සවිකිරීමට මෙම සොරකම කළ බවත් මුදල් ප්‍රශ්න නිසා එය කළ බවත් සිසුවා පාපොච්චාරණය කර තිබේ.
සිසුවා කඩුවෙල මහේස්ත්‍රාත් ඉදිරියට අද 14 ඉදිරිපත් කිරීමට නියමිතය.
වාර්තාව -අයිරංගි එදිරිසිංහ

