මාළඹේ තොරතුරු තාක්ෂණික ආයතනයේ (ස්ලිට්) හි ඉගෙනුම ලබන අවසන් වසරේ හා දෙවන වසරේ සිසුවියන් දෙදෙනෙකුට අයත් රුපියල් 85000 ක් හා 74000 ක් වටිනා නවීන ලැප්ටොප් පරිගණක දෙකක්
සොරකම් කිරීම නිසා

එම ආයතනයේම අධ්‍යාපනය හදාරණ සිසුවෙකු ඊයේ පොලිස් අත්අඩංගුවට පත් විය.
මෙම සිසුවා කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ අතර පොලිසියට සිසුවියන් කළ පැමිණිල්ලෙන් පසුව සිසුවාගේ නිවස පරීක්ෂා කිරීමේදී ලැප්ටොප් දෙක හසු විය. තමන්ගේ ලැප්ටොප් එක කැඩී ඇති නිසා ඒවා සොරකම් කර ඇතුළ කොටස් ගලවා තමන්ගේ ලැප්ටොප් එකේ කොටස් වලට සවිකිරීමට මෙම සොරකම කළ බවත් මුදල් ප්‍රශ්න නිසා එය කළ බවත් සිසුවා පාපොච්චාරණය කර තිබේ.
සිසුවා කඩුවෙල මහේස්ත්‍රාත් ඉදිරියට අද 14 ඉදිරිපත් කිරීමට නියමිතය.

වාර්තාව -අයිරංගි එදිරිසිංහ