ලෝකයේ ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩා වෙබ් අඩවියක් වන ඊඑස්පීඑන් ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල පසුගියදා අත්අඩංගුවට පත්වීම වාර්තා කර තිබුනේ පහත පරිදිය.

‘සිකුරාදා රාත්‍රීයේදී බීමත්ව රිය පැදවීම හා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන තිබේ. විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට පහර දුන් බවට චෝදනා එල්ල වී
තිබේ.
කොළඹ

නාවල පාරේදී අත්අඩංගුවට ගෙන ඇති බවත්, රඹුක්වැල්ල අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද බවත් පොලිසිය දන්වා ඇත.

මෙය මාස 18 ක් ඇතුළතදී රඹුක්වැල්ලගේ දෙවන අත්අඩංගුවට ගැනීමයි. රිය අනතුරකින් පසු කොළඹදීද ඔහු මින් පෙර අත්අඩංගුවට ගෙන ඇත.  2013 ජූලි මාසයේ දී, ඔහු  අඩි 35,000 ක අහසේදී ගුවන් යානා දොරක් විවෘත කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියකටද සම්බන්ධ විය.19 න් පහළ කණ්ඩායමේ සිටියදී සිටම විනය සම්බන්ධ ගැටලු වලට ඔහුට විවේචනාත්මක ඉතිහාසයක් ඇත.

රඹුක්වැල්ලගේ නවතම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් පූර්ණ ලෙස දැනුවත් කර නැත. එක් නිළධාරියෙකු පැවසුවේ ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවන් සත්‍ය නම්, විනය පියවර ගන්නට සූදානම් බවය.‘