යුරෝපා රටවලින් විශාල ඉල්ලුමක් පවතින බැවින් කංසා වගාව කිරීම පිළිබඳ අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
ස්නායු රෝග සඳහා

කංසා ඔෟෂධය ඉතාමත් උචිත බව ආයුර්වේද වෛද්‍යවරුන් පවා සඳහන් කර තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් අවධානය මීට පෙරද යොමු වුණැයි හෙතෙම පැවසීය.
බ්‍රිතානය ජාතිකයින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට පෙර අප රට තුළ කංසා වගා කළ නමුත් බ්‍රිතානයන් දුම්කොල වගාව ප්‍රචලිත කිරිම සඳහා කංසා වගාව තහනම් කළ අතර අදටද එම තහනම බලපැවැත්වෙන බව ඇමතිවරයා පැවසීය.

මේ වන විට ආයුර්වේදය සදහා අවශ්‍ය අබිං පවා ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුව ඇතැයි ඇමතිවරයා අනුරාධපුර ආයුර්වේද අලෙවිසල විවෘතකරමින් පසුගිය 17 වෙනිදා පැවති උත්සවයේදී සඳහන් කළේය.