ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ පුද්ගලයෙකු සිය බිරිදගේ අවසන් කටයුතු සඳහා රැගෙන විත් නැවත යන අවස්ථාවේ සිය දියණියද බන්ධනාගාර රථයට ගොඩවීමට උත්සහ කළ පුවතක් කිලිනොච්චියෙන් වාර්තා වේ.2008 වසරේ අත්අඩංගුවට පත්ව ජීවිතාන්තය දක්වා සිරගත කරන ලද
පුද්ගලයෙකු වන
ඒ සඳහා බන්ධනාගාරගතව සිටින ස්වාමි පුරුෂයා වැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ පැය තුනක කාලයක් සඳහා කැඳවාගෙන එන ලදී. කෙසේ වෙතත් අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මියගිය කාන්තාවගේ ස්වාමියා නැවත බන්‍ධනාගාර රථයට ගොඩවන අවස්ථාවේදී ඔහුගේ දියණියද එම රථයට ගොඩවීමට උත්සහ දරා තිබෙන්නේ අවට සිටි පිරිසගේ දෑස්වලට කඳුළක්ද එක් කරමිනි.
මෙම මියගිය කාන්තාවට දරුවන් දෙදෙනෙක් ඇති අතර මේ වන විට ඔවුන්ට මාපිය රැකවරණය අහිමිවී ගොස් තිබේ.
කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඥාතීන් ඉදිරිපත්ව සිටින බවයි.

