දින 10 කට
රට තුළ හදිසි තත්ත්වයක්


දින 10ක කාලයක් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇතැයි, අමාත්‍ය S.B. දිසානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ
ප්‍රධානත්වයෙන්

පැවති ආමත්‍යවරුන්ගේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.
ඊයේ ජාතිවාදී ප්‍රකෝපකාරී හැසිරීම් නිසා මහනුවර ඇතිවූ කලබලය මර්දනයට ඇදිරි නීතිය පැනවූ පසු අද එය තවදුරටත් දීර්ඝ කර ඇති වාතාවරණය හමුවේ රටේ අනෙක් තැන්වල ජාතිවාදී කලබල ඇතිවේ යන සැකය හා පවත්නා නීති රීති යටතේ කලබල ඇති කරන්නන් අත්අඩංගුවට ගැනීමට නීති ප්‍රතිපාදන මදවන නිසා හදිසි තත්වය පනවා ඇතැයි දැනගන්නට ලැබේ.