අද 8 කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවති නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේ  දෙවැනි තරගයෙන් බංගලි දේශය පරදා කඩුළු 6 ක ජයක් වාර්තා කරන්නට ඉන්දිය පිල සමත් විය.
බංගලිදේශය

මුල් ඉනිම කඩුළු 8 කට 139 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිමේදී ඕවර 18.4 කදී කඩුළු 4 කින් එම සංඛ්‍යාව පසුකර 140 ක් ලබාගන්නට ඉන්දියාව සමත් විය.  ඉන්දියාවේ ශංකර් ධවාන් ලකුණු 55 ක් රැස් කිරීම කැපී පෙනුණි. ජාදෙව් උන්ඩ්කට් කඩුළු 3 ක් ගත්තේය.