අද දින දිගන හා තෙල්දෙනිය ප්‍රදේශවලදී කලහකාරී ලෙස හැසිරුණු පිරිසගෙන් 24 දෙනෙකු තෙල්දෙනිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.


2000ක පමණ  පිරිසක් අද (05දා)

දහවල් දිගන නගරයට හා තෙල්දෙනිය ප්‍රදේශයට කඩා වැදී ආගමික ස්ථානයකට,වෙළෙඳ සැල් හා නිවාස කිහිපයකට ගිනි තබා විනාශ කර තිබේ.

කලහකාරී පිරිස්  විසුරුවා හැරීම පිණිස පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළද ඔවුන් ඒවා විඳගනිමින් පොලීසියටද ගල් ප්‍රහාර එල්ල කර අදාළ කඩකප්පල්කාරී ක්‍රියාවන් අඛණ්ඩව සිදුකරමින් ඉදිරියට පැමිණෙමින් රථවාහනවලටද පහර දුන්නේය.

තෙල්දෙනිය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පල්ලෙකැලේ පොලීසියේ 10ක්ද, මැණික්හින්න පොලීසියේ 14 දෙනෙක්ද රඳවා තිබේ. එයින් කොටසක් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, අනෙකුත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසී