රෝහලට ඇතුළුවූ කාන්තාවකගේ තත්වය බරපතල බැවින් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත හරවා එවීමේදී නාරම්මල ප්‍රදේශයේදී ප්‍රසූත වේදනාව වැඩිවී ගිලන් රථය තුළදීම දරුවා බිහිවීමේ සිද්ධියක් කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් වාර්තා වෙයි. මව සහ දරුවා කුරුණෑගල රෝහලට ඇතුළත් කොට ඇතත් ඒ වනවිට
දරුවා මියගොස් සිටි බැව්

ගිලන් රථයේ පැමිණි පවුල් සෞඛ්‍ය සේවිකාව  පවසයි.

මියගිය දරුවාගේ මව පවසන්නේ දරුවාගේ බිහිවීම වැළැක්වීම සඳහා පවුල් සෞඛ්‍ය සේවිකාව තමාගේ ගර්හාෂය අත් දෙකෙන් තද කරගෙන සිටි නිසා දරුවා මියගිය බවයි. දරුවාගේ මියයැම සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් නොපවත්වා වළ දැමීම සම්බන්ධයෙන් මව සහ පියා කරුණැගල පොලිසියට පැමිණිලිකොට තිබෙන බැව් රෝහල් පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.