දහඅට වියැති සිසුවියකට තම රහසඟ පෙන්විමෙන්, ලිංගික අතරවයක් සිදු කිරිමේ චෝදනාව මත, දික්වැල්ල
ප‍්‍රදේශයේ

පුද්ගලික පන්තියක ආපනශාලාවේ හිමිකරු අත්අඩංගුවට ගත් බව දික්වැල්ල පොලිසිය පවසයි.
මෙම සිසුවිය ආපනශාලාව අසළ, මැහුම් හලක් වෙත පැමිණි අවස්ථාවේ. එය වසා දමා තිබූ බැවින් මෙම පුද්ගලයාගෙන් ඒ පිළිබඳව විමසීමේදී තව ටික වේලාවකින් එය විවෘත කරනු ඇති බව පවසා රැදී සිටින්නැයි කියා ඇත.

ආපනශාලාව තුළට ගොස්, පොත්පත් බලා මැහුම් හලේ දුරකථන අංකය ලබා දෙන මුවාවෙන් මෙම ක්‍රියාව සිදුකර ඇති බව පොලිසිය කියයි.තාංගල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරු පෙරේදා (19) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.