පොල්කටු උඩයාමේ ක්‍රියාකාරකමක් කරන්න ගිය
9 හැවිරිදි දැරිය පාසලේදී මියයයි

දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විදුහලේ 9 හැවිරිදි සිසුවියක පාසලේදී පොල්කටු උඩයාමේ ක්‍රියාකාරකමක නිරතවෙමින් සිටියදී හදිසියේ ඇදවැටී මියයාමේ ශෝචනීය සිදුවීමක් වාර්තාවේ.
“වේලාව දහවල් 12ට 12.30ට පමණ ඇති. අපි ඒ දරුවා ගමන් කරන ස්ථානයේ සිට අඩි 15 ක් ඈතින් පිට්ටනියේ සිටියේ. එක පාරටම මේ සිසුවිය මුනින් අතට ඇද වැටුණා.
පිට්ටනිය ගල් බොරළු නැති ඉතාම හොඳ පිට්ටනියක්. දරුවෝ පොල්කටුවල නැගි අත්දෙකෙන් එසේ ලණු අල්ලාගෙන ගමන් කළා.  අපි ඒ දරුවෝ ගමන් කරන ස්ථානයේ
සිට අඩි 15ක්

ඈතින් පිට්ටනියේ සිටියේ. එක පාරට මේ සිසුවිය මුණින් අතට ඇඳ වැටුණා. ඉන්පසු දැරිය රෝහලට ගෙන ගියත් එහි දී මියගොස් ඇති බව දැන ගත්තා.“
මේ සම්බන්ධව එම පාසලේ ගුරුවරයෙකු පවසා තිබේ.
විදුහලේ විදුහල්පති කේ.ඒ.ඩී. රෝහණ විජේරත්න මහතා කියා සිටියේ  විෂය නිර්දේශය අනුව ප්‍රායෝගික ක්‍රියාකාරකම් අත් පොත් 70 වන පිටුවේ සඳහන් අන්දමටයි අපි මේ විෂයයන් කරන්නේ. ඒක මේ පාසලේ අවුරුදු 10ක් 15ක් තිස්සේ කරගෙන එන්නක් නිසා අලුත් දෙයක් නම් නෙමෙයි.

අපි ගුරුවරු වශයෙන් ඒවායේ යෙදෙන්න හා දරුවන්ට පුරුදු පුහුණු කිරීම අපේ වගකීමක් හා යුතුකමක් ලෙස සලකනවා. මෙවැනි දෙයක් වුණ පළමු වතාවයි මේ.
 දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විදුහලේ හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දෙහිඕවිට වල්පොළ පදිංචිව රණසිංහ ආරච්චි සහෙලි නිවරිනා මදකිලි (9) සිසුවිය මෙම සිද්ධියෙන් මියගොස් තිබේ.
දැරිය ගැන පංති භාර ගුරුතුමිය මෙසේ කියා ඇත.

‘මම ගමේ පාසල් මියගිය දරුවාගේ පන්තිය භාර ගුරුතුමිය. මේ දැරිය කීකරු අහිසක නිහතමානි දැරියක්. විෂය නිර්දේශයට අනුකූලව පොල්කටු උඩයාම වැනි බාහිර ක්‍රියාකාරකම් පාසලේ දින පහේම පැවැත්වෙනවා.සිද්ධිය වූ 28 වැනිදා 11.30ට පමණ ක්‍රියාකාරකම් පටන් ගත්තා. දරුවන් 40ක් පමණ පොල්කටු උඩ යාමේ ක්‍රියාවට සහභාගි වුණා. ඒ පැවතියේ පාසලේ ක්‍රීඩාගංනයේ දී. ඒත් මේ සිසුවිය අනපේක්ෂිතව ඇද වැටුණා. එයාට අමාරු බව දැනුණා.රෝහලට ගෙනයනවිට තමා මියගොස් තිබෙන්නේ. බාහිරින් තුවාල තිබුනෙ නෑ.  සිසුවියට හාද රෝග තිබුණාද? නැද්ද ? කියන එක දන්නෙ නෑ.‘

දැරියගේ ශරිරයේ කොටස් කුමන අයුරින් සිදුවූ මරණයක් ද යන්න පිළිබඳව පරික්ෂා කිරිම සඳහා කොළඹ රස පරික වෙත යැවීමට නියමිතව තිබුණි.
අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු කේ. ජීවරුවන් මහත්මිය ඉදිරියේ අවිස්සාවේල්ල රෝහලේ. දී මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (1) පැවැත් විණි.