පොහොට්ටුව දින්න නිසා
පාර්ලිමේන්තුවේ

ශ්‍රිලනිපය විසිරේ

කොටසක් විපක්‍ෂයට - කොටසක් එජාප සහායට


පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය මත ශ්‍රීලනිප බිම් මට්ටමේ පක්ෂ සංවිධානය දෙදරීමට ලක්වූ අතර මේ හේතුවෙන් අනාගත ශ්‍රීලනිපයක් නැති තරමට අවතැන් විය.
මේ හේතු කොට දැන් උද්ගතව ඇති තත්වය නම් ශ්‍රිලනිපේ සරණාගත මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට විකල්ප කණ්ඩායම් සමග එක් වීමට සිදුවීමය.
මෙම පිරිස් පක්ෂ මාරු කිරීම මහින්ද හැරයාම වැනි හේතු මත
මන්ත්‍රීවරුන් ලෙස සිය

ප්‍රාදේශීය ප්‍රතිරූපය විනාශ කරගෙන තිබෙන අතර නැවත ඡන්ද ඉල්ලා ජයගැනීම සැක සහිත අවදානමක් මතුව තිබෙයි.
මේ අනුව කොටසක් එජාපයට සහාය දෙමින් අලුතින් තනන්නට යන එජාප ආණ්ඩුවට එක්වනු ඇති අතර තවත් කොටසක් පොහොට්ටු හෙවත් ඒකාබද්ධ වික්ෂ කණ්ඩායම සමග විපක්ෂයේ අසුන්ගනු ඇත.
මේ අනුව වැඩි පිරිස එජාපයේ සහයට යනු ඇති බවට දේශපාලන ආරංචි හෙළී කරයි.
 දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, එස් බී දිසානායක, සරත් අමුණුගම, විජිතමුණි සොයිසා, මනුෂ නානයක්කාර, තිලංග සුමතිපාල, ශ්‍රියානි විජේවික්‍රම සිටින්නේ එජාපයට එන ගොඩේය.
ජෝන් සෙනෙවිරත්න,ලක්ෂ්මන් යාපා, සුසිල් ප්‍රෙම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල විපක්ෂයේ අසුන් ගනු ඇති බවට වාර්තා පළවේ.