රාජපක්ෂගේ ජයග්‍රහණය ගැන
ඉන්දියානු පුවත්පත් වාර්තා කළ හැටි

පසුගිය සෙනසුරාදා පැවැත්වූ පුංචි ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අත්කරගත් ජයග්‍රහණය හා ලංකාවේ ඉදිරි දේශපාලනය ගැන විග්‍රහාත්මක විස්තර මේ වනවිට විදෙස් මාධ්‍ය තුළද විවිධ ලෙස වාර්තා වන්නට පටන්ගෙන තිබේ. ඒ අතර සමීප රට බැවින් ඉන්දීය මාධ්‍ය විශේෂිත වන අතර රාජපක්ෂ සිය ජයග්‍රහණය සමග පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂා කරන බව
එහිදී වාර්තා කර තිබේ.

ලංකාවේ දෙමළ ජනයාගේ අසාධාරණකම් විසඳන බව කියමින් මෛත්‍රී රජය පිහිටවූ බවත් ඒ දේවල් සම්බන්ධයෙන් විවිධ විවාද පැනනැගුණ බවත් මෛත්‍රීට ඒ වෙනුවෙන් කළ හැකිවූයේ සුළු වැඩ කොටසක් බවත් පෙන්වා දෙන ‘ඩේලි නිවුස් ඇලර්ට්‘ පුවත්පත සිංහල බහුතරයකගේ නායකයා ලෙස නම් දරා තිබෙන රාජපක්ෂ බලයට එන්නේ ජාතිවාදී ප්‍රචාරණය සමග බවත් ඔහු යළි බලයට ඒම තුළ එම දේවල් තවදුරටත් බලාපොරොත්තු විය නොහැකි ලෙසද පුරෝකථනය කර තිබේ.
මේ අතර ‘ද හින්දු‘ පුවත්පත වාර්තා කරන්නේ 2016 පිහිටවූ පක්ෂයක් මෙතරම් ඉහළ ජනප්‍රියතාවයකට හේතුවූයේ රාජපක්ෂ ප්‍රතිරූපය නිසා බවයි. මෙම ජයග්‍රහණය සමග ලංකාවේ දේශපාලනය දෙදරීමකට ලක්ව ඇති බවත් 2020 දක්වා බලය රඳවා ගැනීම සම්බන්ධ වත්මන් රජය අවුලකට පත්ව ඇති බවත් එහි දැක්වේ. මේ නිසා ඉක්මණින්ම වෙනස්කම් සිදු කරන්නට ඉදිරි දිනවලදී කටයුතු සිදුවනු ඇති බවද වාර්තා කර තිබේ.