පොහොට්ටුවට එරෙහි ඡන්ද වැඩියි
මහින්දට අගමැතිකං හෝ මහ මැතිවරණ නෑ

පැනල ගිය කථා බොරු - මං ගෙදර ඉන්නෙ
- ඇමති රාජිත

ඊයේ (10) පැවති පුංචි ඡන්දයේ ප්‍රතිඵල වලින් පසුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා මාධ්‍ය වෙත මුල්වරට අදහස් දක්වමින් මෙසේ පවසා තිබේ.
“ප්‍රතිඵලය පිළිබඳව මා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළා. ආණ්ඩුවේ අඩු පාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමට ඔවුන් දෙදෙනාම කැමැත්ත පළ කළා. පළාත් පාලන මැතිවරණය ජයගෙන අග්‍රාමාත්‍යවරයා වීමට හෝ මහ මැතිවරණයක් පැවැත්වීමට හිටපු ජනාධිපතිවරයා සිහිනයක සිටිය ද
එය ඉටු වන්නේ නැහැ. හිටපු ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය මෙතෙක් යෝජනා කර නැහැ.
යහපාලන ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේ දී ලැබුණු ජනවරම පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙනවා.ප්‍රකාශිත

ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක්. එය ජනවාරි 08 මැතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා ලබා ගත් ජන්ද ප්‍රතිශතයට වඩා අඩුයි. 55% ක් ශ්‍රී ලංකාවේ බහුතර ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කර තිබෙන්නේ පොහොට්ටුවට එරෙහිව.
 අගමැතිවරයා වෙනස් කිරීමේ හෝ ආණ්ඩුව ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නෑ.
2015 වසරේ වත්මන් රජයට ජනවරම ලබාදී ඇත්තේ දුෂණය සහ වංචාව පිටුදැකීමටයි. එය අඛණ්ඩව ඉදිරියට සිදු කිරීමට යහපාලන රජයේ නායකයින් එකගත්වයට පැමිණ තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන වන ඩලස් අලහප්පෙරුම මහතා අද (11) දින මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා. බේරුවල ආසනයේ පරාජයත් සමග මම සොයාගැනීමට නොහැකි බව. නමුත් මම කියන්න කැමැතියි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙන් මම ඇමරිකාවට පැනලා ගියේ නැහැ. නිවසේ සිටිනවා. ජනවරමට අනුව අපේක්ෂාවන් ඉටු කිරීමේ සටනේ තවදුරටත් රැදී සිටිනවා. එමෙන්ම  2020 න් පසු ජනාධිපතිවරයා යළි පත් කිරීමට ද කටයුතු කරනවා.”