කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මූලකාලාන ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු
බරපතල තත්වයේ

පසුවන අතර  25 දෙනෙකු තුවාල ලැබුවා.ලංගම බස් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙයි.
බස් රථයේ ගමන්ගත් 24 දෙනෙකු හා ටිපර් රථයේ රියදුරු අනතුරින් තුවාල ලබා තිබේ.
තුවාලකරුවන් කුරුණෑගල හා පොල්ගොල්ල රෝහල් වලට ඇතුලත් කර තිබෙයි.   ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
කුරුණෑගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.